• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමඟ එක්ව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් වි‍විධ නියෝජිත සේවාවන් ක්‍රියාත්මක කිරීම

- වසර 200 කට වඩා පැරණි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මේ වන විට නවීන තාක්ෂණය හා නව අලෙවිකරණ සංකල්ප යොදා ගනිමින් වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැ‍ළපෙන පරිදි කාර්යක්ෂම හා ගුණාත්මක සේවා ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටියි. එහිදී එම දෙපාර්තමේන්තුවේ සේවාවන් මෙන්ම විවිධ රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශය සඳහා නියෝජිත සේවාවන් ලබා දීමටද කටයුතු කරයි. දිවයින පුරා පැතිරී පවතින තැපැල් කාර්යාල 4063 කින් පමණ සමන්විත ශක්තිමත් ජාලයක් එම දෙපාර්තමේන්තුව සතු වන අතර ඒ අතුරින් තැපැල් කාර්යාල 653 කට නවීන තාක්ෂණය ලබා දෙමින් ජාලගත කිරීමේ කටයුතු සාර්ථකව නිම කර ඇත. තැපැල් දෙපාර්තමේන්තුව තුළ මේ වන විටත් ක්‍රියාත්මක තොරතුරු තාක්ෂණ මෘදුකාංග යොදා ගනිමින්, එම දෙපාර්තමේන්තුවට අමතර මූල්‍ය වැය බරක් දැරීමට සිදු නොවන ව්‍යාපාරික සේවා කඩිනමින් සහ විනිවිදභාවයකින් යුක්තව ක්‍රියාත්මක කිරීම සඳහා මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.