• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමාජගත කරන ලද අභ්‍යාසලාභීන් සඳහා ස්වයං රැකියා ණය පහසුකම් සැලසීම

- ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධව සිට පුනරුත්ථාපනය වූ අභ්‍යාසලාභීන් සඳහා ස්වයං රැකියා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් 2012 වර්ෂයේදී අනුමැතිය ලබා දී ඇත. එම ණය යෝජනා ක්‍රමය මඟින්, සමාජගත කරන ලද තරුණ තරුණියන්ට තම ජීවනෝපාය කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා විශාල අවස්ථාවක් උදා කර දී ඇති අතර සමාජයේ යහපත් පුරවැසියන් ලෙස ජීවත් වීමට අවශ්‍ය ආර්ථික පරිසරය සකස් කරගැනීමටද එය විශාල ශක්තියක් වී තිබේ. 2014‑12‑31 දක්වා රාජ්‍ය බැංකු මඟින් එලෙස ලබා දී ඇති ණය ප්‍රමාණය රුපියල් මිලියන 302 ඉක්මවයි. මේ යටතේ ඉදිරියට ණය ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත් කර ඇති අයදුම්පත් සංඛ්‍යාව 5750 කට අධික වේ. ඒ අනුව, මෙම ණය යෝජනා ක්‍රමයේ දෙවන අදියර අවශ්‍ය සංශෝධන සහිතව ලංකා බැංකුව, මහජන බැංකුව, ලංකාපුත්‍ර බැංකුව සහ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස නැවත පදිංචි කිරීම, ප්‍රතිසංස්කරණය හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.