• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 සැප්තැම්බර් මස 25 වන දින සමරන ලෝක සමුද්‍රීය දිනයට සමගාමීව 2015 සැප්තැම්බර් 21 සිට 27 දක්වා ශ්‍රී ලංකා සමුද්‍රීය කටයුතු පිළිබඳ සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීම

- එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ අනුග්‍රහය ඇතිව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් නාවික හා සමුද්‍රීය කටයුතුවල දියුණුව සහ ලෝක ආර්ථික සංවර්ධනය අරමුණු කරගෙන මෙම වස‍රේ සැප්තැම්බර් මස 25 වන දින ලෝක සමුද්‍රීය දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. මෙම වසරේ එම දිනයේ තේමාව වී ඇත්තේ ‘සමුද්‍රීය අධ්‍යාපනය හා පුහුණුව’ යන්නයි. ඒ අනුව, සැප්තැම්බර් 21 සිට 27 දක්වා කාලය ‘ශ්‍රී ලංකා සමුද්‍රීය කටයුතු පිළිබඳ සතිය’ ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහාත්, යෝජිත වැඩසටහන් එම කාලය තුළ ක්‍රියාත්මක කිරීම සඳහාත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.