• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොල්ගහවෙල, පොතුහැර, අලව්ව ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය; කුණ්ඩසාලේ - හාරගම ජලසම්පාදන ව්‍යාපෘතිය; මතුගම, දොඩන්ගොඩ, අගලවත්ත සහ නෑබඩ ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය

- ඉහත ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සහ ඒවායේ ඉදිරි කටයුතු කරගෙන යාමටත්, එකී ව්‍යාපෘති සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීම පිණිස අදාළ ආයතන සමඟ සාකච්ඡා සම්මුති පවත්වන ලෙස විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමටත් නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.