• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ වන පොල් පර්යේෂණ ආයතනය හා මහජන චීන ජනරජයේ පොල් පර්යේෂණ ආයතනයේ නිවර්තන කෘෂිකාර්මික විද්‍යා අධ්‍යයන ආයතනය අතර අත්සන් කරනු ලබන අවබෝධතා ගිවිසුම

- ඉහත අවබෝධතා ගිවිසුමේ අරමුණ වනුයේ පොල් පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ ශක්තිමත් සහයෝගිතාවක් දෙරට අතර ස්ථාපිත කරගැනීමත් මෙම ක්ෂේත්‍රය තුළ විද්‍යාත්මක, තාක්ෂණික හා නිපුණතා සංවර්ධනය ඇතුළත් ඒකාබද්ධ පොල් පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් සකස් කිරීමත්ය. ඒ අනුව, අතිගරු ජනාධිපතිතුමා මෙම වසරේ මාර්තු මස චීන ජනරජයේ සිදු කළ සංචාරය අතරතුරදී ඉහත අවබෝධතා ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන් ආවරණ අනුමැතිය ලබාගැනීමටත්, එතැන් සිට ඉදිරි වර්ෂ තුන (03) තුළ ගිවිසුමේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.