• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර ගිවිසුම්වලදී ඉලෙක්ට්‍රොනික සන්නිවේදන භාවිතය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අපරානුමත කිරීම

- ඉහත සම්මුතිය ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම (UNCITRAL) විසින් සකසන ලදුව, 2005 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කර ගන්නා ලදී. මෙම සම්මුතියේ අරමුණ වනුයේ ජාත්‍යන්තර ගිවිසුම්වලට අදාළ සන්නිවේදන කටයුතුවලදී ඉලෙක්ට්‍රොනික භාවිතය සම්බන්ධයෙන් ඇති වන ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් ලබා දීමයි. ශ්‍රී ලංකාව 2006 වර්ෂයේදී මෙම සම්මුතියට අත්සන් තබා ඇති අතර 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සකස් කිරීමේදීද ඉහත සම්මුතියේ අන්තර්ගත ලක්ෂණ හා මූලධර්ම එම පනතට ඇතුළත් කර ඇත. ඒ අනුව, ඉහත සම්මුතිය අපරානුමත කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත බලය පැවරීමටත්, 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සමාලෝචනය කරමින්, එම සම්මුතිය යටතේ වන බැඳීම් සපුරා ලීම පිණිස අවශ්‍ය විය හැකි සංශෝධන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) බලය පැවරීමටත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.