• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය

- මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගනිමින් විද්වතුන්ගෙන් සහ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් ලබා දෙන ලද නිර්දේශ මත පදනම්ව 'මානෙල්' මල ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වශයෙන් 1986 දී ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ප්‍රදර්ශනය කෙරෙන ඇතැම් අවස්ථාවලදී නිවැරදි මානෙල් පුෂ්පය ප්‍රදර්ශනය නොකිරීම නිසා මෑතකාලීනව උද්ගත වී තිබෙන විෂමතා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය සිංහල භාෂාවෙන් ‘මානෙල්’ ලෙසද දෙමළ භාෂාවෙන් ‘නීලෝත්පලම්’ ලෙසද ඉංග්‍රීසි භාෂාවෙන් ‘Blue Water Lily’ ලෙසද හඳුන්වනු ලැබීමටත්, ජාතික පුෂ්පය පිළිබඳව සඳහන් කරන සෑම අවස්ථාවකම ඊට අදාළ නිවැරදි රූපය හා නිවැරදි විද්‍යාත්මක නාමය වන 'Nymphaea nouchali Burm.f' යන්න යොදා ගැනීමටත්, ජාතික පුෂ්පයේ නිවැරදි නාමය හා රූපය පිළිබඳව ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබා දෙමින් ඒ පිළිබඳව අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.