• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය අධීක්ෂණය සහ වාර්තා කිරීම සඳහා ලේකම්වරුන්ගේ කමිටුවක් පත් කිරීම

- මෙම ව්‍යාපෘතිය සමාලෝචනය කිරීම සඳහා පත් කර ඇති කමිටුවේ නිර්දේශ මත දැනට ඉදි කිරීම් කටයුතු අත්හිටුවනු ලැබ ඇත. මේ යටතේ හඳුනාගෙන ඇති අඩුපාඩු සහ ක්‍රියාවලි නිවැරදි කර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට අවසර ලබාදීමට ඇති හැකියාව සොයා බැලීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් යුතු ඉහළ නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.