• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් සිසුන් සඳහා කිරි වීදුරුවක් ලබාදීම - 2015

- දියර කිරි ප්‍රවර්ධනය කිරීම, කිරි ගොවීන් දිරිමත් කිරීම හා දේශීය ආහාර රටාවන් හුරු කරවීමේ අරමුණ පෙරදැරිව ඉහත ව්‍යාපෘතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් පාසල් ළමුන් සඳහා කිරි පැකට් ලබා දීම සීමාසහිත මිල්කෝ පුද්ගලික සමාගම හරහා දියත් කරන ලදී. 2015 වර්ෂයේ නව අයවැය යෝජනා අනුව කිරි ලීටරයක ගැනුම් මිල රුපියල් 70/- දක්වා ඉහළ යාම සැලකිල්ලට ගෙන, අධ්‍යාපන අමාත්‍යාංශය, සමාජ සේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය හා සීමා සහිත මිල්කෝ සමාගම අතර පවතින ත්‍රෛපාර්ශ්වීය ගිවිසුම පරිදි මිලි ලීටර් 150ක කිරි පැකට් එකක් රුපියල් 20/-ක සංශෝධිත මිල යටතේ මිල්කෝ සමාගමෙන් මිල දී ගෙන ඉහත ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.