• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වී වගා බිම්වල ජලය හා පරිසර පද්ධති පිළිබඳ අන්තර්ජාතික ජාලයේ 12 වන මෙහෙයුම් කමිටු රැස්වීම හා සම්මන්ත්‍රණය

- වී වගා බිම්වල ජලය හා පරිසර පද්ධති පිළිබඳ අන්තර්ජාතික ජාලය' 2004 වර්ෂයේදී පිහිටුවා ගනු ලැබූ අන්තර් ජාතික සහයෝගිතා සමුළුවක් වන අතර, වී වගා බිම්වල පාරිසරික පද්ධතියේ තිරසාරතාව පිළිබඳව අවධානය යොමු කරවමින් නිසි ජල කළමනාකරණයක් පවත්වා ගැනීම මුලික අරමුණ කර ගත් සංවිධානයක් වේ. මෙම අන්තර් ජාතික ජාලයේ සාමාජික රටවල් 17 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන 12 වන මෙහෙයුම් කමිටු රැස්වීම හා සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ සත්කාරත්වයෙන් 2015 නොවැම්බර් මස පැවැත්වීම සඳහා වාරිමාර්ග අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.