• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෑතක නැවත පදිංචි කරන ලද අභ්‍යන්තරිකව අවතැන් වූ ජනතාවට පහසුකම් සලසා ලීමට අවශ්‍ය අමතර මුදල් ප්‍රතිපාදන

- අභ්‍යන්තරිකව අවතැන් වූ සියලු දෙනා සිය මුල් ගම්බිම්වල ආපසු පදිංචි කරවීම රජයේ ප්‍රතිපත්තිය වේ. මෙම පරමාර්ථය මුදුන්පත් කරගැනීම පිණිස යාපනය, ත්‍රිකුණාමලය ආදී දිස්ත්‍රික්කවල ආසන්න වශයෙන් අභ්‍යන්තරිකව අවතැන් වූ පවුල් 2,175 ක් නැවත පදිංචි කරවීම සඳහා පහසුකම් සලසාලීම පිණිස රුපියල් මිලියන 160 ක මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා නැවත පදිංචි කිරීම, ප්‍රතිසංස්කරණය හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.