• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මඩකලපුව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම - දෙවන අදියර

- අබලන්ව අනතුරුදායක තත්ත්වයේ පැවති මඩකලපුව අධිකරණ සංකීර්ණය නැවත ඉදි කිරීමේ කටයුතු මේ වනවිට අවසන්ව ඇත. මෙම අධිකරණ සංකීර්ණයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා තවදුරටත් අවශ්‍ය පහසුකම් සැපයීම පිණිස ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.