• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහාමාර්ග අංශයේ දූෂණ විමර්ශන ඒකකයක් පත් කිරීම

- 2011‑01‑01 දින සිට 2015‑01‑08 දක්වා වූ කාලපරිච්ඡේදය තුළ රජය විසින් මහාමාර්ග අංශයට විශාල වශයෙන් ආයෝජනය කිරීම් සිදු කර තිබෙන අතර එහිදී පරිපාලන, තාක්ෂණික, මූල්‍ය සහ අනෙකුත් ක්‍රියා පටිපාටිවල රජයට බරපතල අලාභ සිදුවිය හැකි අඩුපාඩු සිදු වී ඇත්දැයි නිශ්චය කිරීමටත්, එසේ සිදු වී ඇත්නම් ඊට වගකිවයුතු තැනැත්තන් අනාවරණය කර ගැනීමටත්, අනාගතයේ එවැනි දෑ ඇති නොවීම පිණිස අදාළ ක්‍රියා පටිපාටීන් වෙනස් කිරීම පිණිස සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මහාමාර්ග අංශයේ දූෂණ විමර්ශන ඒකකයක් පත් කිරීම පිණිස මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.