• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්ලයිෆොසෙට් (Glyphosate) වල් නාශකය ආනයනය හා භාවිතය සීමා කිරීම

- දිවයින පුරා නිදන්ගත වකුගඩු රෝගය වැළඳීම කෙරෙහි රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක භාවිතය හේතු කාරක විය හැකි බව මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරන විද්‍යාඥයින් විසින් පෙන්වා දී තිබේ. මේ අනුව හඳුනාගත් රසායනික පොහොර හා වල්නාශක වර්ග 4ක් ආනයනය හා භාවිතය රජය විසින් දැනටමත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. ඒවාට අමතරව, ග්ලයිෆොසෙට් වල්නාශකය ආනයනය හා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ගනු ලැබ ඇති තීරණය ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.