• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුණාත්මක සෞඛ්‍ය සත්කාරය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය

- ශ්‍රී ලංකාව තුළ විවිධ මට්ටමේ සෞඛ්‍ය සේවා ආයතන විසින් ලබා දෙනු ලබන රෝගී සත්කාර සේවාවන්හි ගුණාත්මකභාවය විවිධ වේ. රෝගී ආරක්ෂාව සහතික කිරීමත්, සෑම ස්තරයකම ප්‍රජාවන්ට සමාන හා ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා ප්‍රවේශ ලබා දීමත් තුළින් රෝගීන් තම ආසන්නයේ ඇති සෞඛ්‍ය සත්කාර ආයතන මඟහැර යාම වළක්වාගත හැකිය. මෙමඟින් ප්‍රධාන රෝහල්වල රෝගී තදබදය අඩු වන අතර, ප්‍රාථමික මට්ටමේ සෞඛ්‍ය ආයතනවල සේවා උපයෝගිතාව වැඩි කරගත හැකි වේ. ඒ අනුව, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව තුළ රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ ආරක්ෂාව සහ සත්කාරවල ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.