• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වියළි කලාපීය නාගරික ජලසම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය - වව්නියාව - පේරුආරු ජලාශ ඉදි කිරීම හේතුකොට ගෙන ඉඩම් අහිමි වීම මඟින් බලපෑමට ලක් වූ ජනතාව සඳහා විකල්ප ඉඩම් ලබා දීම

- ඉහත ව්‍යාපෘතිය වව්නියාව, මන්නාරම, හලාවත සහ පුත්තලම යන වියළි කළාපීය නගරයන්හි ජලසම්පාදනය සහ සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය යටතේ වවුනියාව - පේරුආරු ජලාශය ඉදි කිරීම හේතුකොට ගෙන ඉඩම් අහිමි වූ, පුද්ගලයින් 88 දෙනෙක් සඳහා ඔවුන් භුක්ති විඳින ලද ඉඩම් වෙනුවෙන් සම්පූර්ණ හිමිකම් සහිත ඔප්පු (Outright Grants) මඟින් විකල්ප ඉඩම් ලබාදීම පිණිස ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මැතිතුමා සහ නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.