• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලෝක බැංකුවේ/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික රැස්වීම සඳහා මුදල් ඇමතිතුමාගේ සහභාගිත්වය (2015 අප්‍රේල් මස 15‑18, වොෂින්ටන්)

- ඉහත රැස්වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත කණ්ඩායමක් සහභාගි වී ඇති අතර, එම සංචාර‍යේදී මුදල් ඇමතිතුමා නිල මට්ටමේ සාකච්ඡා කිහිපයකට මෙන්ම ද්විපාර්ශ්වික මට්ටමේ රැස්වීම් කිහිපයකට ද සහභාගි වී ඇත. ලෝක ආර්ථික අභියෝග ජය ගැනීම කෙරෙහි සමුළුවේ අවධානය යොමුවී ඇති අතර, ලෝක වෙළඳපොළේ තෙල් මිලෙහි සිදු වූ අඩුවීම ලෝක ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කළ නමුදු ලෝක ආර්ථිකය තවමත් අවදානම් තත්ත්වයක පවතින බව එහිදී පෙන්වා දෙනු ලැබ ඇත. ඉහත රැස්වීමට සහභාගිවීමට සමගාමීව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින්, මැලේසියාව, ජපානය, සෞදි අරාබිය, කටාර් රාජ්‍යය සහ ඉන්දියාව යන රටවල ගරු මුදල් අමාත්‍යවරුන්ද ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ නිලධාරින්ද හමුවී මුදල් ඇමතිතුමා විසින් සාකච්ඡා පවත්වා ඇත. තවද, ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන, ආර්ථික සංවර්ධන හා ව්‍යාපාරික පරිසර දියුණුව පිළිබඳව එතුමන් විසින් ඇමෙරිකානු වාණිජ මණ්ඩලය හමුවේ කරුණු දක්වා ඇති බව ද අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.