• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු සහ නැ‍ඟෙනහිර පළාත් හි පළාත් පාලන සේවාවන් වැඩිදියුණු කිරීමේ (පුරනැඟුම) ව්‍යාපෘතිය

- ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ලෝක බැංකු ණය ආධාරයක් යටතේ 2010-2015 පස් අවුරුදු කාලසීමාව තුළ ක්‍රියාත්මක කෙරෙමින් පවතින පුරනැඟුම ව්‍යාපෘතිය යටතේ උතුරු සහ නැ‍ඟෙනහිර පළාත් හි පළාත් පාලන ආයතන 80ක් ආවරණය කෙරෙමින් ප්‍රාදේශීය සේවාවන් හා ප්‍රාදේශීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සිදු වේ. මෙම ව්‍යාපෘතිය සඳහා අතිරේක මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා අරමුදල් මඟින් සිදු කෙරෙන සංරචකය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙතින් ඇ.ඩො. මිලියන 20ක ණය මුදලක් ලබා ගැනීම පිණිස ගිවිසුමකට එළඹීම සඳහාත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.