• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ණය මුදලක් ලබා ගැනීම

- මුල් ළමාවිය ගත කරන දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා වැඩිමනත් අරමුදල් ආයෝජනය කිරීමේ වැදගත්කම රජයේ සංවර්ධන උපායමාර්ගයන් විසින් මනාව හඳුනාගෙන ඇති අතර, ඊට අනුකූලව නිසි පෝෂණය, රැකවරණය, ළමාවිය සංවර්ධන කටයුතු සඳහා ප්‍රවේශය හා සපයනු ලබන සේවාවන් වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම මඟින් වයස අවුරුදු 0-5 පරාසයේ දරුවන් සඳහා සුරක්ෂිත හා යෝග්‍ය වටපිටාවක් තහවුරු කිරීම රජයේ අරමුණ වී ඇත. එකී පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් ‘මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය 2015-2020’ යෝජනා වී ඇත. ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය කැමැත්ත පළ කර ඇති අතර, ඒ අනුව, එම ආයතනය සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, ඇමෙරිකානු ඩොලර් මිලියන 50 කට සමාන වූ විශේෂ හැර ගැණුම් හිමිකම් මුදලක් ණයට ගැනීම පිණිස එම ආයතනය සමඟ මූල්‍ය ගිවිසුමකට එළැඹීමටත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.