• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාමවාචතිවු - මුනිච්චේනයි මාර්ගයේ තට්ටුතුරෙයි පාලම සහ ප්‍රවේශ මාර්ග ඉදි කිරීම

- යෝජිත ව්‍යාපෘතිය මඟින් සාමවාචතිවු ප්‍රදේශවාසීන්ට මහාමාර්ග, සෞඛ්‍ය හා අධ්‍යාපන ආදී පහසුකම් වෙත ප්‍රවේශවීම හා සම්බන්ධවීම පහසුවනු ඇති අතර, ඒ අනුව, නැදුනතිව්, චුල්ලිමුරිච්චන්තිවු, පුලිච්චාන්කේනි, සාමවාචතීවු හා ආලිම්තිවු වැනි ගම්මානවල වැසියන්ගේ ජීවන තත්ත්වය හා ජීවනෝපායද සංවර්ධනය වනු ඇත. සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ එකඟත්වයද ඇතිව මඩකලපුව - ත්‍රිකුණාමලය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ උපයෝජනය නොකළ ඇ‍.ඩො. 601,581ක මුදලක් මේ සඳහා භාවිත කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.