• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බදුල්ල සිට චෙන්කලාඩි දක්වා A - 5 මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

- රටෙහි නැ‍ඟෙනහිර හා මධ්‍යම පළාත් යා කෙරෙන ප්‍රධාන මාර්ගයක් ලෙස පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි මාර්ගය හඳුනාගෙන ඇත. ඒ අනුව, පේරාදෙණිය සිට බදුල්ල දක්වා මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කර ඇති අතර බදුල්ල සිට චෙන්කලාඩි දක්වා වූ ඉතිරි කි.මී. 151.3 ක මාර්ග කොටස මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. ඒ සඳහා ඇ.ඩො. මිලියන 60ක ණය මුදලක් සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදලෙන් ලබා ගැනීම පිණිස දැනටමත් අවශ්‍ය කටයුතු කෙරෙමින් පවති. ඊට අමතරව, මෙම ව්‍යාපෘතිය සඳහා තවත් ඇ.ඩො. මිලියන 60ක ණය මුදලක් ලබා ගැනීම පිණිස සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, ඒ අනුව, ණය ගිවිසුමකට එළඹීමටත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.