• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය - අදියර 2 (II)

- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි මගීන් හැසිරවීමේ වර්තමාන වාර්ෂික ධාරිතාව මිලියන 7.4 සිට 2020 වන විට මිලියන 15 දක්වා ඉහළ නැංවීමට හැකි වන අයුරින් ගුවන් තොටුපළ පුළුල් කිරීම උදෙසා අත්‍යවශ්‍ය වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කිරීමට අපේක්ෂිතය. ඒ සඳහා ජපන් යෙන් මිලියන 45,428ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 48,969 ක) ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය මඟින් ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමට ජපාන රජය සිය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එම මුදල ලබා ගැනීම සඳහා ජපාන රජය සමඟ ගිවිසුමකට එළඹීමට සහ ඊට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.