• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික වකුගඩු අරමුදල පිහිටුවීම

- ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නිදන්ගත වකුගඩු රෝගය සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස දැනට වකුගඩු රෝග නිවාරණ අධීක්ෂණ කමිටුවක් පත් කර ඇති අතර ඒ යටතේ අදාළ අනු කමිටුද පිහිටුවා ඇත. මේ සම්බන්ධයෙන් වන සමස්ත ක්‍රියාවලිය ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇති වකුගඩු රෝග නිවාරණ සම්බන්ධීකරණ ඒකකය මගින් සම්බන්ධීකරණය කරනු ලබයි. මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සහ රෝග නිවාරණ කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ජාතික සහ අන්තර්ජාතික සිවිල් සංවිධාන හා පුද්ගලයින් ඇතුළත් විවිධ පාර්ශ්ව ‍විසින් යෝජිත අරමුදල සඳහා දායකත්වය දැක්වීමට කැමැත්ත පළ කර ඇති අතර, මේ වන විටත් ඒ සඳහා රුපියල් මිලියන 07ක දායකත්වයක් ලැබී ඇත. නව රජය විසින් ඉදිරිපත් කරන ලද 2015 අයවැය යෝජනා මඟින් යෝජනා කරන ලද ජාතික වකුගඩු අරමුදල ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.