• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම

- බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනතේ ඇතුළත් ඇතැම් විධිවිධාන සංශෝධනය කිරීම පිණිස සකස් කළ බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තවදුරටත් සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දීමට 2015‑04‑22 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව ගරු අධිකරණ ඇමතිතුමා සහ සියම් මහා නිකායේ පාර්ශ්වයන් නියෝජනය කරන ලද ස්වාමින්වහන්සේලා විසින් යෝජනා කරන ලද සංශෝධන ද ඇතුළත් කර සකස් කරන ලද අවසන් කෙටුම්පත නීතිපතිතුමාගේ නිර්දේශ ලබා ගෙන රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.