• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දකුණු මාර්ග සබඳතා ව්‍යාපෘතිය - ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සේවා සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

- දකුණු මාර්ග සබඳතා ව්‍යාපෘතියේ පිරිවැය දැරීම පිණිස ඇමරිකානු ඩොලර් මිලියන 70ක ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ශ්‍රී ලංකා රජය වෙත ලැබී ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගය වෙත ප්‍රවේශය සපයනු ලබන ජාතික මහා මාර්ග ආසන්න වශයෙන් කි.මී. 33ක් මෙම ණය මුදල යටතේ වැඩිදියුණු කෙරෙනු ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙම ව්‍යාපෘතියේ උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.