• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015/2016 වර්ෂය සඳහා ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙ.ටො. 500ක් සපයා ගැනීම

- ත්‍රිපෝෂ, මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ට, පෝෂණ ගැටලු සහිත ගර්භනී මව්වරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට ත්‍රිපෝෂ ජාතික වැඩසටහන යටතේ නොමිලයේ ලබා දෙන පෝෂ්‍යදායී ආහාරයකි. මෙම ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන සම්පූර්ණ යොදය සහිත කිරිපිටි වාර්ෂික අවශ්‍යතාව මෙ.ටො. 500කි. 2015/2016 වර්ෂය සඳහා ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙ.ටො. 500ක ප්‍රමාණය මිල්කෝ (පුද්ගලික) සමාගම වෙතින් මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.