• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මත්ස්‍ය අපනයන සඳහා යුරෝපීය සංගමය මඟින් පනවා ඇති තහනම කඩිනමින් ඉවත් කරගැනීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය

- යුරෝපීය සංගමය විසින් 2014 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කිරීම අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වන වෙළඳපොළක් අහිමිව ඇත. මෙම තහනම ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය මූලික නෛතික රාමුව සැකසීම, නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් ශක්තිමත් කිරීම, පාර්ශ්වකරුවන් පුහුණු කිරීම හා දැනුවත් කිරීම, යාත්‍රා සුපරීක්ෂණ පද්ධතිය ස්ථාපිත කිරීම ආදී මූලික කටයුතු දැනටමත් අරඹා ඇත. ඒ සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.