• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීම

- දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියේ කාන්තා නියෝජනය අවම වශයෙන් 25%කින් වැඩි කිරීම “මෛත්‍රී පාලනයක් සඳහා වන වැඩසටහන” තුළ වත්මන් රජය විසින් යෝජනා කරන ලදී. ඒ අනුව පළාත් සභා ඡන්ද විමසීමකදී දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් විසින් භාර දෙනු ලබන නාම යෝජනා පත්‍රයේ සඳහන් මුළු අපේක්ෂක සංඛ්‍යාව අතරින් 30%කට නොඅඩු සංඛ්‍යාවක් කාන්තාවන්ගෙන් සමන්විත විය යුතු බවට විධිවිධාන ඇතුළත් කරමින් 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කිරීම පිණිස පළාත් සභා සහ ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.