• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර පරිශ්‍රයෙහි ගවේෂණාගාරයක් ඉදි කිරීම

- 1965 වර්ෂයේදී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය නැරඹීමට සෑම වර්ෂයකම පැමිණෙන පාසල් සිසුන්, ගුරුවරුන්, නාවික හමුදා නිලධාරින් ඇතුළු නරඹන්නන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් පමණ වේ. ගවේෂණාගාරයක් යනු ඉගෙනුම සහ අධ්‍යාපනික අවශ්‍යතාවන් සපුරාලීමට අමතරව, කුතුහලය දනවන අන්දමේ ප්‍රදර්ශක භාණ්ඩ, මෙවලම් සහ ව්‍යාපෘතිවලින් සමන්විත වූ නිර්මාණාත්මක චින්තනයන් වර්ධනය කෙරෙන පරිසරයකින් යුක්ත චමත්කාරජනක ස්ථානයකි. ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර පරිශ්‍රයෙහි ගවේෂණාගාරයක් වැඩිදියුණු කිරීමටත්, ඒ සඳහා ප්‍රදානයන් සිදු කෙරෙන ජාත්‍යන්තර ආයතන වෙතින් මුල්‍ය ආධාර ලබාගැනීමේ හැකියාව සොයා බැලීම සඳහාත් උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.