• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන් කර දීම

- කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ‘ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන’ ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගෙන ක්‍රියාත්මක වන ප්‍රධාන වැඩසටහනක් වේ. කර්මාන්තපුරවල හිස්ව පවතින ඉඩම් කොටස් සඳහා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීමට පසුගිය කාලසීමාව තුළ පළ කරන ලද ප්‍රසිද්ධ දැන්වීම්වලට ප්‍රතිචාර වශයෙන් ලැබී ඇති ව්‍යාපෘති යෝජනා 34ක් අතුරින් එකී ආයෝජකයින්ගේ මූල්‍යමය හැකියාව, ආදායම් බදු ගෙවීම්, සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම්, බැංකු ණය ආපසු ගෙවීමේ ප්‍රගතීන්, රැකියා උත්පාදනය හා පරිසර හිතකාමී බව ආදී කරුණු සලකා අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කරන ලද ව්‍යාපෘති යෝජනා 14ක් සඳහා 35 අවුරුදු බදු පදනම යටතේ අදාළ කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කිරීම සඳහාත්, ආයෝජකයින් විසින් එකඟ වූ පරිදි නිශ්චිත කාලරාමුව තුළ කර්මාන්ත ආරම්භ කිරීමට පියවර නොගන්නේ නම් එම ඉඩම් නැවත රජයට පවරා ගැනීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.