• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික කොඩිය අවභාවිතය වැළැක්වීම සහ නිසි ගෞරවයක් ඇති කිරීම

- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික කොඩිය භාවිත කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය විසින් 1986 වසරේදී සම්මත කරන ලද රීති සංග්‍රහයට පටහැනිව එම කොඩිය කෙරෙහි දක්වන ගෞරවය හීන වන ආකාරයෙන් භාවිත කරනු ලබන බවත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති පිරිවිතරයන්ට අනුකූල නොවන පරිදි සකස් කළ ජාතික කොඩි වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබන බවත් නිරීක්ෂණය කර ඇති බැවින් එම අගෞරව කිරීම සහ අවභාවිතය වැළැක්වීම සඳහා එකී රීති සංග්‍රහය නීතියක් බවට පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත්, උත්සව කටයුතුවලදී රජයට මෙන්ම මහජනතාවට ද භාවිත කළ හැකි වන නිල වශයෙන් පිළිගත හැකි සැරසිලි කොඩියක් නිර්මාණය කිරීම පිණිස කමිටුවක් පත් කිරීමටත් ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.