• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩ සටහන - 2015 යටතේ ආරම්භ කළ ව්‍යාපෘති සම්පූර්ණ කිරීම

- ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්ක ආවරණය කෙරෙමින් දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩ සටහන යටතේ දැනටමත් ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල ඉතිරි වී ඇති වැඩ කොටස් අතුරින් අත්‍යවශ්‍ය යැයි හඳුනා ගෙන ඇති වැඩසටහන්වල කටයුතු එම දිස්ත්‍රික්කවල පදිංචි ප්‍රජාවගේ සුබ සිද්ධිය උදෙසා සම්පූර්ණ කිරීම පිණිස ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.