• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සඳහා ඇෆ්ගනිස්ථාන ශිෂ්‍යභටයින්ගේ අධ්‍යයන අවස්ථා වැඩි කිරීම

- ශාස්ත්‍රීයමය සහ වෘත්තීමය නිපුණත්වයෙන් පිරි සන්නද්ධ සේවා සාමාජිකයින් බිහි කිරීමේ අරමුණ ඇතිව ආරම්භ කරන ලද ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මඟින් විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ වන උපාධි වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ශිෂ්‍යභට නිලධාරින්ට/ සිසු සිසුවියන්ට අවශ්‍ය උසස් අධ්‍යාපන අවශ්‍යතාවන් සපුරාලීම සිදු කෙරේ. එමඟින් අප්‍රිකානු සහ ආසියානු කලාපීය රටවල් අතර සුහදත්වය පැතිරවීම සඳහා එම රටවල්වල සිසු සිසුවියන් හටද ගෙවීම් රහිත පදනම මත ඉගෙනුම ලැබීමේ අවස්ථා දෙක (02) බැගින් පිරිනමා ඇත. ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති අතිගරු හමීඩ් කර්සායි මැතිතුමා‍ විසින් 2014 වර්ෂයේදී ඔහුගේ ශ්‍රී ලංකා නිල සංචාරය අවස්ථාවේදී කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන එරට සඳහා තවත් ශිෂ්‍යත්ව අවස්ථා දෙකක් (02)ක් ලබාදීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.