• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නේපාලයේ ඇති වූ භුමිකම්පාවෙන් හානියට පත් ථෙරවාදී බෞද්ධ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම

- පසුගිය දින නේපාලයේ ඇති වු දරුණු භූමිකම්පාව හේතුවෙන් එරට ජනතාවට විශාල වශයෙන් හානි සිදු වූ අතර ශ්‍රී ලංකා රජය මැදිහත්වීමෙන් එරට ජනතාවට සහන සැලසීමට සහන සේවා කණ්ඩායම් යවන ලද අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍යමය ආධාර ලබාදීමටද කටයුතු කරන ලදී. මෙම සිදු වීමෙන් එරට පිහිටි ථෙරවාදී බෞද්ධ සිද්ධස්ථාන රාශියකට හානි සිදුවී ඇති බැව් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් වාර්තා කර ඇත. බුද්ධශාසන අමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව පරිදි එසේ හානියට පත්ව ඇති සිද්ධස්ථාන අතුරින් එක් බෞද්ධ සිද්ධස්ථානයක් හා හින්දු ආගමික සිද්ධස්ථානයක් ප්‍රතිසංස්කරණය කර දීම සඳහා ශ්‍රී ලංකා රජයේ දායකත්වය ලබාදීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.