• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 මැයි 02 සිට 05 දක්වා අසර්බයිජානයේ බාකු නුවර පැවැති ආසියානු සංවර්ධන බැංකුවේ 48 වැනි වාර්ෂික සමුළුව සඳහා මුදල් අමාත්‍යතුමාගේ සහභාගිත්වය

- අසර්බයිජානයේ බාකු නුවර පැවති ආසියානු සංවර්ධන බැංකුවේ 48 වන වාර්ෂික සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා සහ අමාත්‍යාංශ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වී ඇති බවත් අමාත්‍ය මණ්ඩලය සැලකිල්ලට ගන්නා ලදී. මෙම සංචාරය අතරතුර, සාක් මුදල් අමාත්‍යවරුන්ගේ නිල නොවන රැස්වීමකට හා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ උප සභාපති සමඟ රැස්වීම් කිහිපයකටද මුදල් ඇමතිතුමා සහභාගි වී ඇති බව අමාත්‍ය මණ්ඩලය වැඩිදුරටත් සැලකිල්ලට ගන්නා ලදී.