• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජලසම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

- මුලතිව්, කිලිනොච්චි, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, මොනරාගල හා රත්නපුර යන දිස්ත්‍රික්ක තුළ ග්‍රාම නිලධාරි කොට්ඨාස 540 ක් සම්බන්ධ කරගනිමින් නළ ජලය හා සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැවීම පිණිස ක්‍රියාත්මක කෙරෙන “ජලසම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ 2015 - 2020 ව්‍යාපෘතිය” සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත. ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස එ.ජ. ඩොලර් මිලියන 165 කට සමාන වූ විශේෂ හර ගැනුම් හිමිකම් ව්‍යවහාර මුදලක් ණයට ගැනීම සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමටත් මූල්‍ය ගිවිසුමකට එළඹීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.