• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජනරජ දිනය සැමරීම

- 1972-05-22 වන දින පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාව ජනතාවට වග කියන ස්වෛරී සහ නිදහස් රාජ්‍යයක් බවට පත් විය. එම අවස්ථාව සිහිගන්වනු පිණිස සෑම වසරකම මැයි මස 22 දිනට යෙදෙන ජනරජ දිනය සැමරීම සඳහා චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු ලබන අතර මෙවරද ඒ සඳහා චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.