• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් පාලන ආයතන ධුර කාලය

පළාත් පාලන ආයතන 335 අතරින් දැනට ක්‍රියාත්මකව පවතින පළාත් පාලන ආයතන 234 ක ධුර කාලසීමාව 2015-05-15 දිනද, ආයතන 65 ක ධුර කාලසීමාව 2015-07-31 දිනද, ආයතන 21 ක ධුර කාලසීමාව 2015‑10‑16 දිනද, ආයතන 02 ක ධුර කාලසීමාව 2015-10-31 දිනද අවසන් වීමට නියමිතය. එකී ආයතන පාලනය වන මහනගර සභා ආඥාපනත, නගර සභා ආඥාපනත සහ ප්‍රාදේශීය සභා පනත යන පනත්වල විධිවිධාන ප්‍රකාරව අදාළ වන පරිදි ඒවායේ ධුර කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමේ හෝ කෙටි කිරීමේ හැකියාව පවතියි. කෙසේ වුවද, ඉදිරියේදී කොට්ඨාස ක්‍රමය පදනම් කර ගත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් යටතේ මැතිවරණයක් පවත්වා පළාත් පාලන ආයතනවල සභිකයින් තෝරා පත් කරගැනීමට හැකියාව ඇති බැවින් පළාත් පාලන ආයතනවල ධුර කාලය නැවත දීර්ඝ නොකර එකී ආයතනවල ධුර කාලය අවසන් වීමට ඉඩ හරින බව රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරන ලදී.