• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහ කොළඹ නාගරික ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියෙහි නගර සංවර්ධන සංරචක යටතේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් මාකුඹුර නගරයේ ඉදි කිරීම

- මගී ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා, විශේෂයෙන්ම බස් හා දුම්රිය සම්බන්ධ ‍කරන ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස මාකුඹුර නව නගර සංවර්ධනය නාගරික සංවර්ධන අධිකාරිය හා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් හඳුනාගනු ලැබ ඇත. ඒ යටතේ බස් පර්යන්තයක්, දුම්රිය ස්ථානයක්, බස්/කාර් කුලී රථ නැවතුම්පොළක් සහ අදාළ මාර්ග පද්ධති ඉදි කිරීමට අපේක්ෂිතය. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ණය ආධාර මත සිදු කෙරෙන මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රාදනය කිරීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.