• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින උපාය මාර්ගික කටයුතු පිළිබඳ කාර්යාලය අහෝසි කිරීම

- ඉහත කාර්යාලය ආරම්භ කළ අරමුණු මේ වන විට විශාල පරාසක් කරා පුළුල් වී ඇති අතර රණවිරුවන් සිවිල් සමාජය වෙත සමාජගත කිරීම සඳහා නව ප්‍රවේශයක් හඳුනා ගැනීම, ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීම කාර්යක්ෂම කිරීම ආදිය ඒ අතර ප්‍රමුඛ වේ. එම අරමුණු ඉටු කරගැනීම සඳහා නිපුණ හා පුහුණු කාර්ය මණ්ඩලයකින් සමන්විත පර්යේෂණ හා සංවර්ධන අංශයක් ආරක්ෂක අමාත්‍යාංශය තුළ දැනටමත් ස්ථාපිත කර ඇති හෙයින් වෙනමම උපාය මාර්ගික කටයුතු පිළිබඳ කාර්යාලයක් පවත්වා ගෙන යාම අවශ්‍ය නොවන අතර එමඟින් රජයට අතිරේක වැය බරක් දැරීමටද සිදු වේ. එබැවින්, ඉහත කාර්යාලය අහෝසි කිරීම පිණිස, ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.