• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය

- කොළඹ නගරයේ අපජලාපවහන පද්ධතිය නවීකරණය කිරීම මඟින් නගරයේ වෙසෙන ජනතාවට ජීවත් වීමට වඩාත් ‍උචිත සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ශ්‍රී ලංකා රජයට පිරිනමා ඇත. ඒ අනුව, කොළඹ මහ නගර සභා සීමාව තුළ පිහිටි අපජලාපවහන පොම්පාගාර සැලසුම් කොට ඉදි කිරීම, ස්ථාපිත කිරීම හා පුනරුත්ථාපනය කි‍රීමේ කොන්ත්‍රාත්තුව, ප්‍රදානය කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.