• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා කසකස්ථානය අතර ද්විපාර්ශ්වීය ගුවන් සේවා සාකච්ඡාව -

- ශ්‍රී ලංකාව හා කසකස්ථානය අතර ගුවන්සේවා සම්බන්ධතාවන් ඇති කරගැනීම පිණිස වන සාකච්ඡා දෙරටේ නියෝජිතයන් අතර කසකස්ථානයේ අස්තානාහිදී පවත්වා ඇත. ඒ අනුව, දෙරට අතර ගුවන් සේවා සිදු කිරීම පිණිස දැනටමත් නිලධාරි මට්ටමින් අත්සන් තබා ඇති ගුවන් සේවා ගිවිසුම, ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයකු ලවා අත්සන් කිරීමටත්, ඉන්පසු එය බලාත්මක කිරීම සඳහා සුදුසු පියවර ගැනීමටත්, ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.