• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මැලේසියානු රජයේ මානව සම්පත් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ රැකියා අමාත්‍යාංශය අතර ගෘහ සේවක/සේවිකාවන් සේවා නියුක්තියේ යෙදවීම සඳහා වූ යෝජිත අවබෝධතා ගිවිසුම් -

- විගමනික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ සුබසාධන පහසුකම් ආරක්ෂා වන අයුරින් ගෘහ සේවකයින් සහ අනෙකුත් සේවකයින් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ මැලේසියානු රජය අතර අවබෝධතා ගිවිසුම් දෙකකට එළඹීම පිණිස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.