• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හීලෑ අලිඇතුන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම -

- වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතේ නීතිමය ප්‍රතිපාදන යටතේ ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිතව රඳවාගෙන සිටින හීලෑ අලිඇතුන් ළඟ තබාගැනීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර වාර්ෂික බලපත්‍රයක් ලබා ගත යුතු වේ. ඒ අනුව, මේ වන විට සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිටින අලිඇතුන්ට අමතරව යම් යම් පුද්ගලයන් භාරයේ රඳවා ගෙන සිටින අලිඇතුන් 161ක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත. පසුගිය කාලය තුළ එම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයේ සිදු වූ අක්‍රමිකතාවන් හා නීතිවිරෝධීව වනාන්තරවලින් අලිපැටවුන් අල්ලා ගැනීම පිළිබඳව පැමිණිලි ලැබී විමර්ශන කටයුතුද අරඹා ඇත. ඒ සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා, හීලෑ අලිඇතුන්ගේ සංගමය ඇතුළු මේ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් විවිධ අදහස්ද ඉදිරිපත් වී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත අලිඇතුන් ළඟ තබාගැනීමේ කාර්යය වඩාත් විධිමත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවේ නිර්දේශ පරිදි යෝග්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.