• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පින්නවල සත්ත්වෝද්‍යානය තුළ කුඩා ක්ෂීරපායී සතුන් අභිජනන මධ්‍යස්ථානයක් හා ජෛව උද්‍යානයක් ඇති කිරීම

- මෑතකදී විවෘත කරන ලද පින්නවල නව සත්ත්වෝද්‍යානය දිනෙන් දිනම දේශීය සංචාරකයින් අතර ඉමහත් ලෙස ජනප්‍රිය වෙමින් පවතියි. පින්නවල අලි අනාථාගාරයට ආසන්නව පිහිටා ඇති මෙම සත්ත්වෝද්‍යානය, එළිමහනෙහි සතුන් රඳවා තබන පරිශ්‍රයක් ලෙස නිර්මාණය කර ඇති අතර එය ශ්‍රී ලාංකික සංචාරකයින් සඳහා නවමු අත්දැකීමක්ද වේ. ශ්‍රී ලංකාවේ දේශීය සතුන් සංරක්ෂණය කිරීමේ අරමුණින් පින්නවල සත්ත්වෝද්‍යානය තුළ කුඩා ක්ෂීරපායී සතුන් අභිජනන මධ්‍යස්ථානයක් හා ජෛව උද්‍යානයක් ස්ථාපිත කිරීම පිණිස සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.