• Increase font size
  • Default font size
  • Decrease font size

2015-05-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදේශීය නිලධාරින් හට ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පුහුණු පාඨමාලා අවස්ථා ලබා දීම

- ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය දිවයිනේ ඇති උසස්ම යුද පුහුණු අභ්‍යාස ආයතනය වන අතර එමඟින් ත්‍රිවිධ හමුදා සහ ශ්‍රී ලංකා පොලීසියේ මධ්‍යම මට්ටමේ නිලධාරින්ට පුහුණුව ලබා දෙයි. එසේම තෝරා ගත් ත්‍රිවිධ හමුදා නිලධාරින් හට ඉහළ මට්ටමේ තනතුරු දැරීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා, උසස් අණ සහ මාණ්ඩලික ක්‍රියාකාරකම්වලට හුරු කිරීමද එමඟින් සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා නිලධාරින් හට විදේශ හමුදාවල නිලධාරින් සමඟ ඒකාබද්ධව සිදු කරනු ලබන පුහුණු වීම් අවස්ථාවක් ලෙසද, සුහදත්වය ප්‍රකාශ කිරීමක් ලෙසද, විදේශීය හමුදා නිලධාරින් සතු දැනුම හා අත්දැකීම් බෙදා හදාගැනීමට අවස්ථාවක් ලෙසද, මෙම පාඨමාලාව හැදෑරීම සඳහා විදේශීය හමුදා නිලධාරින් 27 දෙනෙකුට අවස්ථාව ලබා දීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.