• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජලසම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- මුලතිව්, කිලිනොච්චි, නුවරඑළිය, බදුල්ල, මොනරාගල, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාවගේ පානීය ජල ගැටලු විසඳීම, සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීම හා ජාතික ප්‍රජා ජලසම්පාදන දෙපාර්තමේන්තුවේ කටයුතු ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ලෝක බැංකු ණය ආධාර හා ශ්‍රී ලංකා රජයේ අරමුදල් යොදා ගනිමින් ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හා ඊට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.