• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‘වර්ල්ඩ් එක්ස්පෝ - 2015’ ගෝලීය ප්‍රදර්ශනය

- ඉහත ප්‍රදර්ශනය දෙවසරකට වරක් විවිධ තේමාවන් යටතේ තෝරාගත් රටවල ප්‍රධාන නගරවලදී පැවැත්වෙන අතර මීළඟ 'වර්ල්ඩ් එක්ස්පෝ' ප්‍රදර්ශනය 2015 මැයි මස 01 වන දින සිට 2015 ඔක්තෝබර් මස 31 දින දක්වා මාස හයක් (06) පුරා ඉතාලියේ මිලානෝ නගරයේදී පැවැත්වේ. එම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවද සහභාගි වීමට නියමිත බවටත් එමඟින් ශ්‍රී ලංකාවේ අභිමානය විදහා දක්වමින් බටහිර රටවල් සමඟ සබඳතා වැඩිදියුණු කිරීම හා ශ්‍රී ලංකාවේ සන්නාම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇති බවටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් ඉදි‍රිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.