• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත (

- පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා විවිධ ආයතන සහ පුද්ගලයින් විසින් සංශෝධන ඉදිරිපත් කර ඇති බැවින් එකී සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අදියරේදී සලකා බැලීම සඳහා ඉදිරිපත් කිරීම වෙනුවට එම සංශෝධන අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බැලීම සඳහා එම සංශෝධන ඇතුළත් කරමින් අවසාන වශයෙන් සකස් කළ කෙටුම්පත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එසේම තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත හා ජාතික විගණන පනත් කෙටුම්පත හදිසි පනත් කෙටුම්පත් වශයෙන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් නොකර පනත් කෙටුම්පත් සම්මත කිරීම සඳහා වන සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් එකී පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.