• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු මැද පළාත් ඇළ සංවර්ධන ව්‍යාපෘතිය අදියර - I ඉදි කිරීම ක්‍රියාත්මක කිරීම

- මහවැලි සංවර්ධන වැඩසටහන 1970 වර්ෂයේදී ආරම්භ වූ අතර, එම වැඩසටහන යටතේ නිම කිරීමට ඇති ජලය බෙදා හැරීමේ ආයෝජන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා රජය විසින් ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී ඇත. දැනට ක්‍රියාත්මක කිරීමට ඉතිරිව ඇති ප්‍රධාන කොටස වන්නේ උතුරු, උතුරු මැද හා නැ‍ඟෙනහිර පළාත්වලට ජලය සම්පාදනය කිරීමයි. ඒ අනුව, උතුරු පළාත් ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇති අතර එකී උතුරු මැද පළාත් ඇළ සංවර්ධන ව්‍යාපෘතියෙහි I වන අදියර ක්‍රියාත්මක කිරීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව සමඟ ගිවිසුමකට එළඹීමට සහ ඊට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.